COVID 19 : මිනුවන්ගොඩ පොකුර 2000 ස පනී… ආරම්භය සොයන්න බුද්ධි මෙහෙයුමක්….

115

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.

අද දිනයේ රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සමග ඇතිවූ මෙම කොවිඩ් පොකුර නිසා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,016ක් වනවා.

මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අංශයේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට පොලිස් නිලධාරීන්ගේ සහය හිමිව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.

අද (17) කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.