COVID 19 : බොරිස්ගේ පියා දෙවන වරටත් කොවිඩ් නීති කඩකර හසුවෙයි

158

එංගලන්තය තුළ අහස උසට කොවිඩ් ආසාධිතයින් වාර්තා වෙත්දී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පියා මීට සතියකට පෙර මුව ආවරණ නොමැතිව කඩ සාප්පුවකට පිවිස සිටීම එරට මාධ්‍ය ඉහලින් වාර්ථා කර තිබිණ.

ඒ අවස්තාවේ ස්ටැන්ලි ජොන්සන් ප්‍රකාශකර තිබුණේ තමා කුළී රථයකින් යන අතරතුර හදිසියේ පුවත් පතක් ගැනීමේ අවශ්‍යතාව මත එම කඩ සාප්පුවට ගොඩ වූ බවය.

තමා කිසි ලෙසකින් නීති කඩන පුද්ගලයෙකු නොවන බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

නමුත් මේ සිදුවීමට සතියක් ඉක්මයාමටත් පෙර ඔහු පොදු ස්තානයක මුව ආවරණ නොමැතිව සිටිනු යළිත් කැමරා කාඡයක සටහන් විය.

මෙවර ඔහු මුඛ ආවරන පැලද සිටිනුයේ සිය නිකටට වන අතර ඇතන්ස් ගුවන්තොටුපලේ ගුවන් යානාවක් අපේක්ෂාවෙන් සිටියදී කිසියම් පුද්ගලයකු එය සිය කැමරාවට හසුකරගෙන තිබිණ.

80 හැවරිදි ඔහු මුඛ ආවරණය නිකටේ රදවා ගනිමින් පොතක් කියවන අයුරු එහි දැක්විණ.

මේත් සමග ඔහු වෙනුවෙන් යළිත් එංගලන්ත සමාජයේ විරෝධතාවක් මතුව ඇති අතර ගුවන්තොටුපල මගියකු පවසා තිබුණේ සමාජ දුරස්ථ භාවයද නොතකමින් ඔහු හැසිරුණු බවය.

තවෙකෙක් පවසා තිබුණේ තම පුත්‍රයා පැණවූ නීති පියා විසින් කඩනු දැකීමෙන් තමා විමතියට පත්වූ බවය.