COVID 19 : නිරෝධායන ඇදිරිනීතිය අස්සේ කොළඹ මගුලක්…පොලිසිය පරීක්ෂණ අරඹයි…

106

කොවිඩ් ඇදිරිනීති සමයේ කොළ​ඹ තරු පහේ හෝටලයක පැවති විවාහ උත්සවයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ රාමඩා හෝටලයේ පැවති මෙම විවාහ උත්සවයට 35 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගීව සිට ඇති බවය.

මෙලෙස නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබියදීත් විවාහා උත්සවයක් පැවතියේ කෙසේද යන්න විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කළේය.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම මංගල උත්සවය ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු විසින් සංවිධානය කර තිබූ බවයි.

බස්නාහිර පළාතේ ඇදිරිනීතිය ක්‍රියාත්මක සමයේ සියලු උත්සව තහනම් බවට රජය නිවේදනය කර තිබිණ.