COVID 19 : කොවිඩ් අස්සේ කොන්ඩම් අළෙවියත් ඉහළ ගිහින්….

1014

කොවිඩ් සීමා අතරතුර ලොව පුරා කොන්ඩම් අළෙවිය වාර්ථාගත ලෙස ඉහල ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ.

මීට පෙර විෂබීජ නාශක සදහා ඉහළ ඉල්ලුමක් පැවති අතර ඒවායෙහි මිළ ගනන්ද ඊට සාපේක්ෂව ඉහල ගොස් ති​බේ.

වසරේ මුල් කාර්තුව පමනක් Durex කොන්ඩම නිපදවන ආයතනය සිය ආදායම දෙගුණයකින් ඉහල නංවා ගැනීමට සමත්ව ඇතිබව සදහන්.

කෙසේ වෙතත් යුරෝපය සැළකීමේදී ඉකුත් වසන්ත සමයේ සීමා පැණවීමත් සමග කොන්ඩම් අළෙවිය සීඝ්‍රයෙන් පහත වැටී තිබුණි.

නමුත් වසර මැද වන විට එය ඉල්ක්කම් දෙකක අගයක් සටහන් කරමින් වර්ධනය වී ඇතැයි වාර්තා වේ.

යුරෝපය මෙන්ම සමස්ථ ලෝකයම කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ උපදෙස් සැපයීමේදී ලිංගිකත්වය කෙරෙහි මුල් තැනක දී තිබිණ.

ඒ අනූව ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා බහු ලිංගික ඇසුර තහනම් කළ අතර ආරක්ෂිත ඉරියව් පවා සමාජගත කර තිබිණ.

ඒ අනූව එකිනෙකා සිප වැළදගනිමින් ලිංගිකව එක්වීම නොකළයුතු බව වෛද්‍යවරු පවසත්දී ලිංගිකාරක්ෂාව සදහා කොන්ඩම් පැළදීමද උපදෙසක්ව පැවතිණ.

සමාජ විශ්ලේෂකයින් පවසන්නේ වෛරස ව්‍යාප්තියේ නැවුම් මුහුණුවර අධ්‍යනය කිරීමෙන් පසු වෛද්‍යවරු පැමිණි නිගමනයන්ට සාපේක්ෂව මෙවැනි සීමා පැණවූ බවය.

එමෙන්ම ඉකුත් ජූලි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුල ලෝකයේ Dettol නිෂ්පාදන අළෙවිය 50% කින් ඉහල ගොස් ඇති බවද එකී ආයතන නියෝජිතයින් තහවුරු කර තිබේ.