COVID 19 : ඉන්දියාවෙන් ආ රෙදි බහාලුමක් නි​සා බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ව්‍යාප්ත වූවාද ??

2357

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමට මෑතකදී ඉන්දීය සමාගමකින් පැමිණි රෙදි බහාලුම් පිළිබදව පරීක්ෂණ ප්වැවත්වෙන බව වාර්ථා වේ.

අදාළ ඉන්දීය කර්මාන්තශාලාව කොවිඩ් වෛරසය පැතිරීම මත වසා දමා ඇතිබව පැවසෙන අතර රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

බ්‍රැන්ඩික්ස් සමාගමේ සපැයුම් වලට සම්බන්ධ බව පැවසෙන එම සමාගම වෛරසය ආසාධනය නිසා වසා දැමීමෙන් පසු ඊට ලැබී තිබූ ඇණවුම් ලංකාවට ගෙන්වා නිමකිරීම් සිදුකර ඇති බව පැවසේ.

එළෙස ගෙන්වූ බහළුම් සමග රෝග වෛරස ව්‍යාප්තිය සිදුවු බවට සැක පලවන අතර මීට වඩා ව්‍යාප්තියට මූලික වූ කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මෙන්ම රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙය හුදු මතයක් අනූව සිදුකරගෙන යන පරීක්ෂණයක් මිස මෙතෙක් අවසන් නිගමනයක් නොවේ.