පුණ්‍ය කාලය අද රාත්‍රීයේ උදා වෙයි

49

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් වන නොනගතය හෙවත් පුණ්‍ය කාලය අද (13) රාත්‍රියේ උදා වනවා.

රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා පුණ්‍යකාලය යෙදී ඇති බවයි ජ්‍යොතිශයෙහි සඳහන් වන්නේ.

එබැවින් අද රාත්‍රී 08.09 ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ අපර කොටස තුළ ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කල යුතු බවද නැකැත් චාරිත්‍රවල දැක්වෙනවා.