BUSINESS : කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියනයක් වටිනා පළමු ගිවිසුම අත්සන් තබයි

140

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මාධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අද (17) අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඊට අත්සන් තැබීය.

එල්.ඕ.එල්.සී සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික අයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

මෙම ව්‍යාපෘතිය හෙක්ටයාර් 6.8 ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.