යහපත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

31

ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයන්ට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එම ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

ඊයේ (07) පස්වරුවේ මහනුවර පැවති මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකලා.

දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් සෙවීමට, වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් අඩු පාඩු දිගටම පැවතීමට ඉඩ දුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.