දිවයින පුරා ලංකා බැංකුවේ ශාඛා 23ක් වසා තැබේ

50

පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසනවා.

ලංකා බැංකුව සිය නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර පළාතේ හොරණ, රත්මලාන , ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද, මධ්‍යම පළාතේ දිගන සහ මහනුවර මහ රෝහල ශාඛාවද, උතුරුමැද පළාතේ රඹෑව ද, සබරගමුව පළාතේ කිතුල්ගල ද, වයඹ පලාතේ වාරියපොළ සහ නිකවැරටියද , දකුණු පළාතේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය ශාඛා ද සහ ඌව පළාතේ බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල සහ බදුල්ල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය අද (28) දින වසා තැබෙන බව ලංකා බැංකුව සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී සිය ශාඛාවන් විවෘත කෙරෙන වේලාවන් වෙනස් විය හැකි බවද ලංකා බැංකුව සිය නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.