අන්තර්ජාලයේ සංසරණය වන විවිධ ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස උපදෙස්

38

කොවිඩ් වෛරසයට ගුණදායක බව පවසමින් අන්තර්ජාලයේ සංසරණය වන විවිධ ඖෂධ වට්ටෝරු භාවිත නොකරන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සදහන් කළේ ශරීර ප්‍රතිශක්තිය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දි ඇති මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදේශ ද පිළිපදිමින් බවයි.

ශරීර ප්‍රතිශක්තිය උදෙසා භාවිත කළ හැකි ඖෂධ වර්ග හා අනෙකුත් ප්‍රතිකර්ම පිළිබද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.