මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ උපදේශකයෙක්ටත් කොරෝනා වෛරසය ආසාධනය වෙයි

52

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන කිරන් මෝර් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුම්බායි ඉන්ඩියන්ස් පිළ සදහන් කළේ කිරන් මෝර් මහතා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි.

මෙවර අයි පී එල් තරගාවලිය ආරම්භ වන්නේ අනිද්දා දිනයේදියි.

පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් පිළ හා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම් අතරයි.

මේ අතර මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තවත් සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව වන්කඩේ ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.