තායිවානයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34ක් මරුට

30

තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තායිවානයේ මේදිනවල පැවැත්වෙන වාර්ෂික උත්සවයක් සඳහා යමින් සිටි මගින් පිරිසක් රැගත් දුම්රියක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ හුවාලියන් ප්‍රදේශයේදීයි.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 350කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර දුම්රියේ මැදිරි 4ක් සම්පූර්ණයෙන් පෙරරීගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.