හෝමාගම වෙල්යායක තිබී මෝටාර් උණ්ඩ 02ක් සොයා ගැනෙයි

64

හෝමාගම පොලිස් වසමට අයත් මාගම්මන, දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල්යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී අද සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසනවා.

අද දහවල් වෙල්යාය පිරිසිදු කරමින් සිටි ගොවි මහතෙකුට බෑගයක බහා තිබූ පාර්සලයක් පරික්ෂා කිරීමේ දී ඒ තුළ කිසියම් සැක සහිත පාර්සලයක් තිබී හමුවීමත් සමග ඒ පිලිබදව පොලිසිය දැනුවත් කර ඇතැයි පැවසේ.

පසුව එම ස්ථානයට හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න ඇතුළු නිලධාරී කණ්ඩායමක් පැමිණ සැක කටයුතු පාර්සලය පරීක්ෂා කිරීමේදී ඒ තුළ මෝටාර් සදහා භාවිතා කරන උණ්ඩ දෙකක් තිබී සොයාගත් බව පොලීසිය කියයි.

මේ දිනවල ගිනිඅවි, පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන හෙයින් ඒ පිළිබඳ බියට පත් කිසියම් අයකු මෙම මෝටර් උන්ඩ දෙක මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.
සඳහන් කර සිටිනවා.