හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

62

හිටපු කථානායකවරයකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර කොරෝනා වෛරස වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) දිනයේ අභාවප්‍රාප්ත වුණා.

1977 වසර්දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය, සංස්කෘතික, අධිකරණ, බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබෙනවා.

මෙරට 16 වන කථානායකවරයා ලෙස වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා තේරී පත්වූයේ 2004 වසරේ අප්‍රේල් 22 වනදායි.

2010 වසරේ අප්‍රේල් 08 වනදා තෙක් ඔහු එම ධුරය දරනු ලැබුවා.

එම වසරේ අප්‍රේල් 21 වනදා සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණු විජමු ලොකුබණ්ඩාර මහතා 2015 වසරේ පෙබරවාරි 21 වනදා තෙක් එම තනතුරේ කටයුතු කළා.

කොවිඩ් වෛරසය වැළඳීමෙන් ඔහු අයි ඩී එච් රෝහලට ඇතුළත් කෙරුණේ මීට දින කිහිපයකට ඉහතදීයි.