සිව්වන දිනටත් කොරෝනා ආසාධිතයන් 900 සිමාව පනී – ඊයෙත් වැඩිම ආසාධිතයින් ගම්පහෙන්

55

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 940 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (12) දිනයේ දී පමණක් ආසාධිතයින් 278ක් ලෙසයි සටන්ව ඇත්තේ.

කොළඹ 261 ක්, මහනුවර 88 ක්, කලුතර 79 ක්, කුරුණෑගල 51 ක්, ගාල්ලේ 47 ක් සහ රත්නපුර 29 ක්ද මාතර 25 ක්, මාතලේ 18 ක්, යාපනයේ 14 ක්, කෑගල්ලේ 10 ක්, පොළොන්නරුවේ 07 ක් ලෙස ඊයේ (12) ආසාධිතයන් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව බදුල්ල, අනුරාධපුර සහ හම්බන්තොටින් ඊයේ (12) වාර්තාවී ඇත්තේ ආසාධිතයන් 05 දෙනා බැගින්ද පුත්තලමේ 04 ක්, අම්පාරේ 03 ක්, වව්නියාවේ 03 ක්, මොණරාගල 02 ක්, නුවරඑළියේ 01 ක්, කිළිනොච්චියේ 01 ක් සහ විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද ඊයේ (12) ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාධිතයන් අතර වනවා.

මේ අතර ඊයේ (12) තවත් මරණ 5ක් වාර්තාවීමත් සමග මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගියා.

ඊයේ (12) වාර්තා වූ මරණ 5ම පිරිමි අය බවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොටගල ප්‍රදේශයේ 63 හැවිරිදි අයෙක්, මතුගම පදිංචි 79 හැවිරිදි අයෙක්, කොටහේන ප්‍රදේශයේ 69 හැවිරිදි අයෙක් කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් ඊයේ වාර්තා වූ මරණ අතර අයත් වනවා.