ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මස දකුණු අප්‍රිකා සංචාරයක

80

ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන දෙසැම්බර් – ජනවාරි කාලසීමාවේදී දකුණු අප්‍රිකා නිල සංචාරයක නිරත වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අදියරක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා සිට 30 වනදා දක්වා සෙන්චූරියන් හිදීද / දෙවන තරගය ජනවාරි 03 වනදා සිට 07 වනදා දක්වා ජොහැන්නස්බර්ග් හිදී ද පැවැත්වෙනු ඇති.