ලෝක වෙළඳ මධ්‍යස්ථානයටත් කොරෝනා වෛරසය ඇතුල් වෙයි

473

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ, බටහිර කුළුණේ, 32 වන මහලේ පිහිටි Acuity Knowledege Partners ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එම සේවකයා ආවසාන වතාවට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් 8 වනදා බවයි.

ඒ අනුව, එම සේවකයා රාජකාරී කළ Acuity Knowledege Partners ආයතනය මේ වන විට වසා දමා තිබෙනවා.

ආසාධිත සේවකයාගේ ආශ්‍රිතයන් මේ වන විට හඳුනා ගෙන ඇති අතර එම ආයතයනේ සෙසු සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ මහල මේ වන විට විෂබීජහරණය කිරීමට කටයුතු කරමින් පවතින බවයි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැඩිදුරටත් අදාළ නිවේදනයේ දන්වා සිටින්නේ.