මාරවිල කොරෝනා වාට්ටුවේ කාන්තාවක් හදිසියේම මියයයි

580

මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහායි.

මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.