මදුෂ්ට වුණු දේ නිසා අත්අඩංගුවට පත් පාතාල නායකයින් ලංකාවට එන්න අදිමදි කරයි

175

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් කිඹුලාඇල ගුණා, කෙනඩි නොහොත් බුම්මා ඇතුළු පාතාල කල්ලි නායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් මතුව ඇති බව වාර්තා වනවා.

ඒ බරපතළ ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇති බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ තත්ත්වය මත කිඹුලාඇල ගුණා ඇතුළු කණ්ඩායම පමණක් නොව වෙනත් රටවල අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයන්ද යළි ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.