බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට යොමු කරයි

63

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොරෝනා වැළඳුණු ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙක් වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඩව්නිං වීදියේ ප්‍රකාශයෙක් සඳහන් කළේ කොරෝනා වෛරස ආසාධිත බවට තහවුරු කෙනෙක් සමඟ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධතාවක් නිසා මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඔහුව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා නිරෝධායන නීති අනුව ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ ද ඔහු ඩව්නිං විදියේ සිට සිය රාජකාරි වැඩ කටයුතු කරන බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තා කරන්නේ.

කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව සුවෙන් පසුවෙන බව බොරිස් ජෝන්සන්ගේ සමීප වාර්තා කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ඩව්නිනිං වීදියෙන් ඇෂ්ෆීල්ඩ් හි පාර්ලිමේන්තු මන්ත්‍රී ලී ඇන්ඩර්සන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුවී ඇති අතර මන්ත්‍රී ඇන්ඩර්සන්හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා මීට පෙර එක් වතාවක් කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයෙක්.