පොම්පියෝ මහින්දව හමු නොවුණුනේ ඇයි? දේශපාලන පිටිය උණුසුම් කළ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

158

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ නොගැසීම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

පොම්පියෝ මහතාගේ සංචාරයට පෙර මෙරට සෑම මාධ්‍යයක්ම පාහේ වාර්තා කර තිබුණේ ඒ මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව, අගමැති මහින්ද රාජපක්ෂ මහතාව සහ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාව මුණ ගැසී සාකච්ඡා පවත්වනු ඇති බවකි.

මීට සති කිහිපයකට පෙර මෙරට සංචාරය කළ චීන විශේෂ දූත පිරිස ද ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාව ද මුණ ගැසී තිබුණා.

කෙසේ වෙතත් අවසානයේ මයික් පොම්පියෝ මහින්ද රාජපක්ෂව මුණ ගැසී තිබුණේ නොතිබූ අතර ඊට හේතුවක් ද කිසිඳු පාර්ශ්වයක් විසින් ප්‍රකාශයට පත්කර තිබුණේ ද නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 20 වැනි සංශෝධනයේ ආදීනව දැන්ම අග්‍රාමාත්‍යවරයා වෙත ලැබෙමින් තිබෙන්නේද යන්න දේශපාලන ක්ෂේත්‍රය තුළ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.