පාකිස්ථාන අගමැති මෙරටට හදිසියේම එන්නේ ඇයි? – ජාත්‍යන්තරයෙත් අවධානය යොමු වෙයි

46

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා වනවා .

සිය නිල සංචාරය අතරතුර ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම බරපතළ කොවිඩ් වසංගත තත්වයකින් පීඩා විඳිද්දී හදිසියේම පාකිස්ථානු අගමැතිවරයා මෙසේ නිල සංචාරයක නිරතවීම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයන්ගේ දැඩි අවධානයට යොමුව තිබෙනවා.