නිරෝධායන නීති කඩකරලා වැලන්ටයින් සමරුවොත් දැඩි නීතිමය පියවර

160

නිරෝධායන නීති කඩකර පෙබරවාරි 14 වනදිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය සමරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි සාද සහ උත්සව සංවිධාන කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙවැනි දෑ සඳහා හෝටල් සහ උත්සව ශාලා සපයන පුද්ගලයන්ට එරෙහිවද දැඩි පියවර ගන්නා බව ඔහු අවධාරණය කලා.