නිරෝධායනයේ සිට ගෙන ගිය තරුණයා ගිලන් රියෙන් බස්සා බාර් එකට යවලා

329

විදෙස් රටක සිට පැමිණ නිරෝධායනයට ලක්වී නිවාස බලා යමින් සිටි පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ ගිලන්රථ රියදුරෙකු සම්බන්ධව කුලියාපිටිය වෛද්‍ය අධිකාරී කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

චෝදනාවට ලක්වන ගිලන්රථ රියදුරා විසින් සහායකට පවසා ඇත්තේ ගිලන් රථයේ සිටින පුද්ගලයාගෙන් මත්පැන් බෝතලයක් ලබාගන්නා ලෙසටයි එයට අකමැතිවූ සහායක’ ඔහුගේ අකමැත්ත ප්‍රකාශකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වරකාපොල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක් අසල ගිලන්රථය නවත්වා නිරෝධායනයට ලක්වූ පුද්ගලයාට පවසා ඇත්තේ මත්පැන් මිලදීගෙන එන ලෙසටයි.

නිරෝධායනයට ලක්වී අවසන් වුවද නිවසට ගොස් ද දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දෙන මෙවැනි අවධියක මෙවැනි දේ සිදුකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි රෝහල් සේවකයින් පවසන්නේ.