නිත්‍යානුකූල සහ අනියම් බිරිඳ මදුෂ්ගේ අවසන් කටයුතු තීරණය කර ඇත්තේ මෙහෙමයි

3396

මාකදුරේ මධූෂ්ගේ මෘතදේහයේ අවසන් කටයුතු සිදු කිරීම සදහා විවාහක බිරිදගේ සහ අනියම් බිරිදගේ එකඟතාව මත අනියම් බිරිඳ පදිංචි මහරගම, පන්සල පාර පිහිටි නිවසට රැගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

වැලිකඩ කැරැල්ලෙන් මරුමුවට පත් කළු තුෂාරගේ බිරිදවන දිලිනි ඉෂාරා මධූෂ්ගේ අනියම් බිරිද ලෙසයි සැලකෙන්නේ.

මධූෂ්ගේ විවාහක බිරිද මාතර, මාකදුරේ පදිංචිකාරියක වන අතර ඇය මධූෂ් ෂ් හා වර්ෂ 1998දී විවහ වී තිබෙනවා.

එම විවාහයෙන් ඔවුනට පිරිමි දරුවෙකුද සිටී.ඔහු 17 හැවිරිදි වියෙහි පසු වෙයි

තුෂාරගේ මරණයෙන් පසු මධූෂ් ඇයව අනියම් බිරිඳ කර ගත් අතර ඩූබායි රාජ්‍යයේදී මධූෂ් ප්‍රමුඛ කණ්ඩායම් අත්අඩංගුවට පත් වූයේ ඇයගේ දියණියගේ උපන් දින සාදය අතරතුරයි.

කෙසේ වෙතත් අධිකරණය නියෝග කර ඇත්තේ මධූෂ්ගේ මෘතදේහය විවහක බිරිදට දෙනලෙසටයි.