නවසීලන්තයේ විශාල අගනුවර හුඳකලා කෙරේ

32

නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරය දින තුනක කාළයක් හුදකලා කිරීමට එරට අගමැතිනී ජසින්තා අර්ඩන් නියෝග කර තිබෙනවා.

ඒ කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන්.

මෙම දින තුනක කාළය නිවෙස් තුළටම වී සිටින ලෙසයි නවසීලන්ත බළධාරින් විසින් ඕක්ලන්ඩ් නගරවාසීන්ට උපදෙස් දී ඇත්තේ.

මිලියන 5ක ජනගහණයක් වෙසෙන නවසීලන්තය සැළකෙන්නේ කොරෝනා වසංගතය හොඳින්ම පාලනය කරන රට ලෙසයි.

ආසාදිතයින් හඳුනාගන්නා සෑම විටම අදාල ප්‍රදේශ වහා හුදකළා කිරීම ඔවුන්ගේ ප්‍රධාන උපාය වීතිබෙනවා.

නවසීලන්තයෙන් මේදක්වා හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයින් 2300 දෙනෙකු පමණයි.

එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 25කි.