දකුණු අප්‍රිකාවේ කොරෝනා ප්‍රභේදය මෙරටින් හමුවීමේ අවධානමක් ඇති බව PHI සංගමය කියයි

211

දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොව්ඩ් වෛරස් ප්‍රභේදයද මෙරටින් හමුවීමේ අවදානමක් ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

බ්‍රිතාන්‍යයේ හමුවූ නව ප්‍රභේද ආසාධිතයින් හමු වීමද බරපතළ තත්වයක් බවයි ඔවුන් පවසන්නේ.

මෙවැනි තත්වයක් තුල ජනතාවගේ ආරක්ෂාව සදහා විවිධ තීරණ ගැනීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලා.

ඒ අනූව මංගල සහ අවමංගල අවස්ථා හැර වෙනත් කිසිදු ජන සහභාගීත්ව වැඩසටහනකට අවසර නොදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.