දක්ෂිණ අධිවේගයෙන් කොළඹ කොරෝනා රට වටේම යාමේ අවධානමක් මතුවෙයි?

146

අද පස්වරුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට වන්නට දැඩි ලෙස මාර්ග තදබද ඇති වී තිබුණා.

ඒ අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්.

පොලිසිය හා සෞඛ්‍ය අංශ දැඩිව අවධානය අවධාරණය කළේ බස්නාහිර පළාතෙන් කිසිවකු පිටව නොයන ලෙසයි.

කොරෝනා අවධානම වැඩිම පලාත තුල සිට කිසිවකු හෝ වෛරසය රට තුලට ගෙන ගියහොත් එය පාලනය අසීරු වෙතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය වෙත සඳහන් කරනු ලැබුවා.

මෙම දැනුම් දීම් කිසිවක් නොතකා දහස් ගණනක් ජනතාව ඇදිරි නීතිය දැමීමට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බස්නාහිර පළාතෙන් පළා යන තත්වයක් දක්නට තිබුණා.

කොට්ටාව පිවිසුමේ සිට කිලෝමීටරයකට වැඩි දුරකට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබු අතර කොළඹින් පිටත්වන සෙසු ප‍්‍රධාන මාර්ගවලද අද (29) පස්වරුවේ දැඩි තදබදයක් ද ඇති වුණා.

බස්නාහිර පලාතෙන් පිටවීම තහනම් කර ඇති නිසා පොලිසිය විසින් ඇතැම් වාහන හරවා යැවුවද තවත් බොහෝ වාහන විවිධ හේතු දක්වමින් පලාතෙන් පිටව ගොස් තිබෙනවා.