තවත් 168ක් හමුවෙයි – අද දිනයට පමණක් 586ක් වාර්තා වෙයි

149

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 168ක් වාර්තා වනවා.

ඒ අනුව 53 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද 115 දෙනෙක් ආශ්‍රීතයින් වනවා.

අද (29) දිනයේදී වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 586ක් වන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි මුහුදු ආරක්ෂකයින් සිව්දෙනෙක් ද වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 4142ක් වනවා.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6313ක් වනවා.