තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තා වෙයි

58

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (13) දිනයේ තවත් ආසාදිතයන් 9 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඔවුන්ගෙන් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර එක් අයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි පැමිණි අයෙකු බව සඳහන්.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 196 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2996 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 12ක්.