ගාල්ල නගර සිමාවෙන් සහ කොළඹ වරායෙනුත් කොරෝනා ආසාධිතයන් හමුවෙයි

477

කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබෙනවා.

ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි.

මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා තිබෙනවා.

මේ අතර ගාල්ල නගර සීමාවේ පදිංචි කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවකයකු වන මෙම පුද්ගලයා සමඟ කටයුතු එක්ව සේවය කරන සේවකයෙකු ආසාදිත වීමෙන් පසු සිදු කරන පරීක්ෂණයකදී ඔහුද ආසාදිතයෙකු යයි හෙලි වී ඇත්තේ.

මේ වන විට ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.