කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය දෙදෙනෙක් ගැන PCR පරීක්ෂණ කිරීමට තීරණය කරයි

708

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පොලිස් මුරපොලට අනුයුක්ත කොස්තාපල්වරයෙකුට හා නිරෝධායනය වෙමින් සිටි කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

එමෙන්ම ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රියදුරෙකුටද වෛරසය ආසාධනය වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මේ අතර වැල්ලවත්ත කොලින්වුඞ් පටුමගේ පදිංචිකරුවකු වූ ඉන්දීය ජාතිකයෙකුද වෛරස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයටයි යොමු කර ඇත්තේ.

මේ අතර ඊයේ (28) රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.