කොරෝනා වෛරසය අලුත් ක්‍රමයකින් පැතිරීමේ අවධානමක් ගැන හෙළිදරව්වක්

732
A revelation about the risk of spreading the corona virus in a new way

මල නොබැදෙන වානේ, මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මතුපිට කොරෝනා වෛරසය නොනැසී දින 28ක කාලයක් පවතින බව නව අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ අඳුරු පරිසර තත්ත්වයක් යටතේ වන අතර එය අධෝරක්ත කිරණ යටතේ අදාළ වන්නේ ද නැද්ද යන්න මෙතෙක් හෙළි නොමැති බවයි වාර්තා වන්නේ.

දින 02ක් සහ දින 03 පමණ කාලයක් ජීවි තත්ත්වයේ පැවැත්වුණු බවට විශ්වාස කෙරු සාර්ස් වෛරසයට වඩා වැඩි කාලයක් කොරෝනා වෛරසය ජීවි තත්ත්වයේ පැවැත්විය හැකි බවටයි නව අධ්‍යයනයේ දී තවදුරටත් අනාවරණය වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ සෙලිසියස් අංශක 20ට අඩු උෂ්ණත්වයේදී කොරෝනා වෛරසයට මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැෙඳන වානේ මතුපිට නොනැසී දින 28 කට ආසන්න කාලයක් පැවතිය හැකි බවයි.