කොච්චිකඩේ පැවති ෆේස්බුක් සාදයක් පොලීසියෙන් වටලයි

79

මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පැවැත්වූ Facebook සාදයකට සහභාගි වූ පුද්ගලයින් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සාදය සඳහා 153 දෙනෙකු සහභාගී වී ඇති අතර ඒ අතුරින් අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වූ පුද්ගලයින් එලෙස සිය භාරයට ගත් බවයි.

ඔවුන් සතුව තිබී ගංජා හා විදේශීය දුම්වැටි සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන්නන් වේ.

කොච්චිකඩේ පොලීසිය පැවසුවේ ඔවුන්ට අවවාද කර දෙමව්පියන්ට භාර දෙන බවය.