කැළණියේ පළමු වසරේ සිසුවියක් හදිසියේම මියයයි – ඥාතීන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

52776

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබෙනවා.

මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බවයි ඇගේ ඥාතීන් ප්‍රකාශ කොට ඇත්තේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු වල නිරතව සිටින ඇය කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඥාතී නිවසක සිටියදී අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තම එකම දියණියට මේ අන්දමින් මියයාමට කිසිඳු හේතුවක් නොමැති නිසා මේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය විශ්ව විද්‍යාල සිසුවියගේ දෙමව්පියන් හා ඥාතීන් ඉල්ලීමක් කර තිබෙනවා.

Newsi – දිනසේන රතුගමගේ