SEXUAL HARASSMENT : කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට යුද හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

187

කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොහුවල දී යුද හමුදා සෙබලුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්ත කෝප්‍රල්වරයෙක් සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (18) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී සැකකාර යුද හමුදා සාමාජිකයන් තුන්දෙනා විසින් කාන්තාවකට අතවර කිරීමට උත්සහ කර ඇති අතර එම අවස්තාවේදී අදාල කාන්තාවගේ සැමියා සහ සැකකරුවන් අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව එම ස්ථානයට ප්‍රදේශවාසීන්ද පැමිණ එක් සැකකරුවෙක් අල්ලාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම්වල දී අනාවරණ වූ තොරතුරු වලට අනුව පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිබඳව පොලිසිය විසින් කොහුවල යුද හමුදා කඳවුරට දැනුම් දීමෙන් අනතුරුව පලාගිය සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය වන අවස්තාවේදී සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනා බීමතින් සිට ඇති බව අනාවරණ විී තිබේ.

කොහුවල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලැබේ.