අඛණ්ඩව තෙවන දිනටත් ආසාධිතයන් 900 සීමාව පනී

60

ශ්‍රී ලංකාවෙන් ඊයේ (11) දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 942 දෙනෙකු හඳුනාගැණුනා.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ, බන්ධනාගාර කොවිඩ් පොකුර 69094 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 73116 ක් බවට පත්වුණා.

ඒ අතරට විදේශයන්හි සිට පැමිණි 03 දෙනෙකුද වෛරස ආසාධිතයන් ලෙස හඳුනා ගැනුණා.

වෛරසය ආසාධිතව මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6526 ක් වන අතර මෙරට කොරෝනා ආසාධිතයන් අතරින් සුවය ලබා ඇති සංඛ්‍යාව 66211 ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (11) දිනයේදී මෙරට තවත් පුද්ගලයන් 1362 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණා.

ඒ අනුව පසුගිය ජනවාරි 29 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව 107887 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර තවත් කොවිඩ් මරණ 04 ක් ඊයේ (11) ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379 දක්වා ඉහළ යනු ඇති.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවක් සහ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවකයි.